Mar 06, 2022

මාධ්‍ය නිවේදනය

ලිපි

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාලයක් නුවරඑළියට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය ශාඛා කාර්යාල සංඛ්‍යාව වැඩිකරමින් 2022.03.08 වන දින නුවරඑළියේ දී දිස්ත්‍රික් කාර්යාලයක් එළිසබෙත් රැජින ගොඩනැඟිල්ලේදී විවෘත කරනු ලැබේ.  ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ජන කණ්ඩායම් අතර, ඉන්දියානු සම්භවයක් සහිත ද්‍රවිඩ ජනයා ප්‍රමුඛ වේ.  මෙම කණ්ඩායම් 19 වන සියවස තුළදී එවකට ශ්‍රී ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයින් රට තුළ ක්‍රියාත්මක වූ වැවිලි කර්මාන්තයේ කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් දිවයිනට රැගෙන එන ලදී.  මෙම කණ්ඩායම සමාජ ආර්ථික වශයෙන් වඩාත් පසුගාමී පිරිසක් ලෙස රටතුළ ජීවත්වන අතර,  මෙම කණ්ඩායම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඔවුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීමත්, අයිතිවාසිකම් කඩවීම් වලදී පහසුවෙන් තම ප්‍රදේශ තුළ පිහිටි කාර්යාලයන් වෙත පැමිණ ඒ පිළිබඳ පැමිණිලි කිරීමට හැකියාව ලැබෙන පරිදි මෙම කාර්යාලය ස්ථාපිත කරනු ලැබේ.

 

මෙම කාර්යාලය විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ. ස්කොක් මහතාගේ අතින් සිදුවන අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ගරු සභාපතිනි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මැතිණියගේ මූලිකත්වයෙන් සිදුවේ.  එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් පූජ්‍ය කලුපහන පියරතන හිමියන්,  ආචාර්ය විජිත නානායක්කාර, වෛද්‍ය නිමල් කරුණාසිරි සහ අනුෂියා ෂංමුගනාදන් මෙනවිය යන කොමසාරිස්වරු මෙන්ම කොමිෂන් සභාවේ නිලධාරීන් ද සහභාගීවීමට නියමිතය.

 

මෙම වැඩසටහනට සමගාමීව මාර්තු මස 08 වන දිනට යෙදී ඇති අන්තර්ජාතික කාන්තා දිනය සිහිපත් කිරීම ද  නුවරඑළිය කේන්ද්‍ර කරගෙන සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇත.  එම කාර්ය  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මාර්තු මස 08 වන දින පෙරවරු 9.30 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වේ.  එහි ප්‍රධාන දේශනය “තිරසාර අනාගතයක් සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් අද දින කැපවෙමු”  යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් එස්.ඊ. ස්කොක් මහතා විසින් සිදුකරනු ලැබේ.  මේ සඳහා රාජ්‍ය නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගී වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාලයක් නුවරඑළියට

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.