Jun 19, 2023

ශෝකය පළ කිරීමයි

ලිපි

ශෝකය පළ කිරීමයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස  (2020 දෙසැම්බර් 10 – 2023 ජූනි 17) කටයුතු කළ වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා හදිසිියේ ඇතිවූ අසනීප තත්වයක් මත 2023 ජූනි 17 දින අභාවප්‍රාප්ත වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉතාමත් කණගාටුවෙන් දැනුම්දෙනු ලැබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමිය, කොමසාරිස්වරු සහ කාර්ය මණ්ඩලය වෛද්‍ය නිමල් කරුණාසිරි කොමසාරිස්තුමාගේ අභාවය පිළිබඳ සාතිශය සංවේගය මෙයින් පළ කරමු.

මේවන විට දේහය අංක 130/15 ඒ, සමනල පෙදෙස, නාවින්න, මහරගම නිවසේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ  අවසන් කටයුතු 2023 ජූනි මස 19 වන දින ප.ව. 6.00 ට මිරිහාන ආදාහනාගාරයේදී සිදු‍ කෙරේ.

මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

2023.06.19

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.