Jun 26, 2021

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වධහිංසාවට ලක්වූවන්ට සහය පළකිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරයි

ලිපි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වධහිංසාවට ලක්වූවන්ට සහය පළකිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරයි

සියළුම වගකිවයුතු අදාල බලධාරීන් විසින් වධහිංසාව වැළැක්වීම සඳහා සක්‍රියව ක්‍රියාමාර්ග ගත යුතුය

සභාපති,  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

වධහිංසාවට ලක්වූවන්ට සහය පළකිරීමේ ජාත්‍යන්තර දිනය – 2021 ජුනි 26

වධහිංසනය වැළැක්වීමට අදාල ජාත්‍යන්තර වශයෙන් වැදගත් ක්‍රියාමාර්ගයක් වන වධහිංසාව සහ වෙනත් කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැළකිලි හෝ දඬුවම ට එරෙහි ජාත්‍යන්තර සම්මුතීය බලාත්මක විම ඇරඹූ 1987 ජුනි 26 දින සමරණු වස් සෑම වර්ෂයකම ජුනි 26 දින වධහිංසනයට ලක්වන්නන් හට සහය පළකිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය 1987 දෙසැම්බර් මස පැවති මහා සම්මේලනයේදී ප්‍රකාශයට පත් කරන ලදී. ලෝකය පුරා සෑම ආකාරයකින්ම පවතින්නා වූ වධහිංසාව පිටුදැකීමේ අරමුණින් යුක්තව ඉහත සම්මුතිය පුර්ණ වශයෙන් බලාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සියළුම සාමාජික රටවලින් ඉල්ල සිටියි.  එසේම වධහිංසාවට ලක් වීම නිසා ඇතිවන්නාවූ අමානුෂික, කෘෘර වේදනාවට පාත්‍රවූ සියළුම වින්දිතයින්ට හා ඔවුන්ගේ පවුල් වෙත උදවු උපකාර කරන ලෙසත් හා ඔවුන් හට සහය පල කරන ලෙසත් සියළුම පාර්ශ්වකරුවන්, සිවිල් සංවිධාන හා සියළු පුද්ගලයින්ගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් අයැද සිටියි.

HRCSL message on International Day in Support of Victims of Torture_ 2021 _ Sinhala

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.