Jan 09, 2025

Children’s Voice Forum (CVF): අයදුමිපත් කැඳවීම

ලිපි

Children’s Voice Forum (CVF): අයදුමිපත් කැඳවීම

වයස අවුරුදු 15-17 අතර ළමුන් සඳහා ළමා අයිතිවාසිකම් පිළිබඳ තම මතයන් බෙදාගැනීමට වේදිකාවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් Children’s Voice Forum (CVF) නමින් නව වැඩසටහනක් දියත් කරනු ලැබේ.

🗓 අයදුම්පත් කැඳවන අවසන් දිනය: 31/01/ 2025

📍 යෝග්‍යතා: බස්නාහිර පළාත තුල පදිංචි වයස අවුරුදු 15-17 ඕනෑම අයකු

🌈 CVF හා සම්බන්ධ විය යුත්තේ ඇයි?

💬 ඔබේ හඬ අවදි කරන්න: ශ්‍රී ලංකාව තුල ළමා අයිතීන් පිළිබඳ ඔබේ අදහස්, අත්දැකීම්, සහ ගැටළු බෙදා ගැනීමට අවකාශයක් නිර්මාණය කර ගැනීම

🤝 වෙනසක කොටස්කරුවන් වන්න: ළමා අයිතින් පිළිබඳ ක්‍රියාත්මක කළ හැකි නිර්දේශ පිළිබද අදහස් බෙදාගැනීම හරහා  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා සම්බන්ධවීමට අවස්ථාවක්

🌏 ගෝලීය ආභාෂය: එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ ප්‍රතිපත්ති හා සමගාමී වන්න

💡 තීරණ ගැනීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වන්න: ළමා අයිතින් සුරැකීම සඳහා ප්‍රතිපත්ති නිර්මාණයට සෘජුව සහභාගී වීමට අවස්ථාවක්

🔗 අයදුම් කළ යුතු ආකාරය:

මෙම මාර්ගගත අයදුම්පත්‍රය පුරවන්න: https://forms.gle/6mhMA4uXcCPcZozH8

📞 අප හා සම්බන්ධ  වන්න

📱 දුරකථන: 011-2505569

📧 විද්‍යුත් තැපැල්: cru.hrcsl@gmail.com

🌟 එකතු වී වෙනසක් ඇති කරමු!

CVF සදහා සහභාගී වීමේ අවස්ථාව මගනොහරින්න. ළමා හඩට ඉඩ දෙමු, ඔවුන්ගේ අයිතීන් සුරකිමු.

📢 ඔබගේ යහළුවන් සහ ඥාතීන්ද දැනුවත් කරන්න.

#ChildrensVoiceForum #HRCSL #ChildRightsUnit #ForEveryChildEveryRight #ChildRights #ParticipatoryApproach

Call for Applications- Sinhala Notice- CVF

Font Resize
Contrast

Sorry for the inconvenience caused, the language you’ve requested in currently under construction.

සිදුවෙමින් පවතින අපහසුතාවයට කණගාටුයි, දැනට ඔබ ඉල්ලූ භාෂාව ඉදිවෙමින් පවති.

ஏற்பட்ட அச on கரியத்திற்கு மன்னிக்கவும், தற்போது கட்டுமானத்தில் உள்ள நீங்கள் கோரிய மொழி.