“සෑම අයිතියකටම පිළියමක් තිබිය යුතුය” – ආචාර්ය දීපිකා උඩගම
ඩේලි මිරර්, 2021 ජුනි 18, ගිහාන් ද චිකේරා විසිනි
- මානව හිමිකම් යනු ගෞරවාන්විතව මානව පැවැත්මයි
- මාධ්‍ය මගින් සංවේදන සහ අනතුරු ඇඟවීම් ඇති නොකළ යුතුය
- මැයි 13 ප්‍රචණ්ඩත්වය සැලසුම් සහගත ප්‍රචණ්ඩත්වයකි
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වීමට නම් ජනතාව එහි හිමිකාරිත්වය ගත යුතුය
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, රට පැරණි යක්ෂයන් සමඟ සටන් කරන අතර නව අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන බැවින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) භූමිකාව සහ මැදිහත්වීම අමතර වැදගත්කමක් ලබා ඇත. කොමිෂන් සභාවෙ හි සභාපතිනිය, සුප්‍රසිද්ධ විද්වතියක් සහ ක්‍රියාකාරිණියක් වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය හමුවී රට මුහුණ දී සිටින අසංඛ්‍යාත අභියෝග පිළිබඳව ගැඹුරින් සොයා බැලුවාය.
ප්‍ර : පසුගිය මාස දෙක තුළ ශ්‍රී ලාංකිකයන් බහුවිධ ත්‍රස්තවාදී ප්‍රහාර, වාර්ගික ප්‍රචණ්ඩත්වය සහ හදිසි තත්වයක් දැක ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) මෙම අර්බුදවලට ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද?
අපි මේ සිදුවීම් දකින්නේ සන්තතියක් ලෙසයි. පාස්කු ප්‍රහාරය ජාතික ආරක්‍ෂාවට ප්‍රශ්නයක් ලෙස බලධාරීහු ප්‍රවේශ වන බව අපි දැන සිටියෙමු. නමුත් ප්‍රහාරයෙන් පසු දින එනම් අප්‍රේල් 22 වැනි දින කොමසාරිස්වරුන් රැස් වූ විට, ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මානව හිමිකම් ඉදිරිදර්ශනයකින් යුතු ව එය කළ යුතු බව අපි හඳුනා ගත්තෙමු. ප්‍රහාරයේ ප්‍රතිවිපාක ආගමික බෙදීම් මත පදනම් වූ සමාජ ආතතීන් ගෙන එන බව අපි තේරුම් ගත්තෙමු.
ප්‍ර: අප්‍රේල් 26දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් “වෛරයේ චක්‍රයක්” පිළිබඳව මිනිසුන්ට අනතුරු අඟවන ප්‍රකාශයක් නිකුත් කළ අතර වෛරී ප්‍රකාශයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. නමුත් වෛරයේ චක්‍රය දැනටමත් ආරම්භ වී තිබේද?
සති දෙකක් තිස්සේ රට සාපේක්ෂ වශයෙන් සන්සුන්ව පැවති අතර එය සුවිශේෂී වාසියක් වූයේ දශක ගණනාවක් පුරා ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීම් සාමාන්‍ය දෙයක් වූ බැවිනි. මෙයින් පෙනී ගියේ මහජනයා පරිණත වී ඇති අතර ප්‍රති ප්‍රචණ්ඩත්වය පාලනයෙන් මිදිය හැකි බව වටහාගෙන ඇති බවයි. නමුත් මැයි 13 දා ප්‍රචණ්ඩත්වය ඇවිලී ගියේය. එය සැලසුම් සහගත ප්‍රචණ්ඩත්වය මිස ස්වයංසිද්ධ පළිගැනීමේ ප්‍රචණ්ඩත්වය නොවේ. මෙම නිෂ්පාදනය කරන ලද වෛරයේ චක්‍රවලට දේශපාලන හා වාණිජ අරමුණු තිබිය හැකිව තිබුණි. එහෙත් ඒවා ස්වභාවිකව ඉබේ ඇති වූ ඒවා නොවේ. මිනිසුන් පසුගිය කටුක අත්දැකීම් වලින් ඉගෙන ගෙන ඇත.
එවැනි සිදුවීම් සිදු වූ විට, ප්‍රජාවන් ඒකාකෘතිකරණයට ලක් වේ. 1983 දෙමළ විරෝධී කෝලාහලයෙන් පසු, ලෝකය සිංහලයන් සැලකුවේ ප්‍රචණ්ඩකාරී, වෙනස් කොට සැලකීම් සහ ආගම්වාදී මිනිසුන් ලෙස ය. යුධ සමයේදී බොහෝ දෙමළ ජනතාව එල්ටීටීඊ සාමාජිකයින් හෝ ආධාරකරුවන් ලෙස සලකනු ලැබූ අතර දෙමළ ප්‍රජාව සහ ත්‍රස්තවාදය එක හා සමාන ලෙස සලකනු ලැබීය. මේ වන විට මුස්ලිම් ප්‍රජාවද ඒ ආකාරයෙන්ම හංවඩු ගැසෙමින් පවතී.
වැඩිදුර කියවන්න http://www.dailymirror.lk/hard-talk/Every-right-must-have-a-remedy-Dr-Deepika-Udagama/334-169518