විචක්ෂණ අරමුදල් ප්‍රතිපාදන සඳහා ව්‍යවස්ථාපිත ක්‍රම අවශ්‍ය වේ
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවනෝපාය වැනි නිශ්චිත සමාජ-ආර්ථික අයිතීන් ඇතුළත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය සම්පත් ප්‍රතිපාදන සහතික කිරීම සඳහා අධිකරණ මැදිහත්වීම සඳහා ය.
රාජ්‍ය අංශයේ සම්පත් අවභාවිතය සමාජ-ආර්ථික අයිතිවාසිකම්වලට දැඩි ලෙස බලපා ඇති බැවින් මහජනතාව අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා සිටි බව සත්කුනනාදන් අවධාරණය කළේය. යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සමාජ ආර්ථික අයිතීන් බලාත්මක කරන ලෙස ඉල්ලා ලාල් විජේනායක කමිටුවට කරුණු රාශියක් ලැබී තිබූ බවද ඇය පැවසුවාය.
සත්කුනනාදන් ඊයේ TV 1 හි ෆරාස් ෂෞකෙටලි විසින් මෙහෙයවන ලද ප්‍රවෘත්ති වැඩසටහනේ පෙනී සිටියාය. පංච පුද්ගල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙනුවෙන් මෙම නිලධාරියා මතභේදාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කටයුතු කළේය. ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කොමිෂන් සභාවට සත්කුනනාදන් මහත්මියට අමතරව හමීඩ් ගසාලි හුසේන්, සාලිය පීරිස් සහ ආචාර්ය උපනන්ද විදානපතිරණ ඇතුළත් විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් රජයට සිදුවන විශාල ආදායමක් අහිමිවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් ජූනි 19 වැනි දින ද අයිලන්ඩ් (The Island) පුවත්පතේ මුල්පිටු වාර්තාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්ථාවරය ඉල්ලා සිටි බව සත්කුනනාදන් මහත්මිය ප්‍රකාශ කළ අතර,. දැනට පවතින ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අධිකරණමය ප්‍රතිකර්මයකට තුඩු දිය හැකි බවට ඇය විශ්වාසය පළ කළාය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමාජ-ආර්ථික අයිතිවාසිකම් ඇතුළත් කිරීම සඳහා විශාල සහයෝගයක් විජේනායක කමිටුව විසින් අනාවරණය කර ඇති බව එම නිලධාරියා පැවසීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමාජ-ආර්ථික අයිතීන් ඇතුළත් කිරීමේ පිරිවැය දරාගත නොහැකි වනු ඇති බව එම පියවරට විරුද්ධ වූවන්ගේ අදහස වූ බවද ඇය පැවසුවාය.
මානව හිමිකම් සේම සමාජ-ආර්ථික අයිතීන් ද එකසේ වැදගත් බව ප්‍රකාශ කරමින් සත්කුනනාදන් මහත්මිය අයිතිවාසිකම්වල නොබෙදීම සහ අයිතීන්ගේ අන්තර් රඳා පැවැත්ම අවධාරණය කළාය. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට බොහෝ දුරට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, වධහිංසාවට ලක් නොකිරීමේ අයිතිය, සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට නොගැනීමේ අයිතිය ඇතුළත් බව නිලධාරියා පැවසීය. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජීවනෝපාය යන අංගයන්ගෙන් සමාජ-ආර්ථික අයිතිවාසිකම් සමන්විත වන අතර, එම අයිතීන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක රඳා පවතින බැවින් ද, ඒවා එකිනෙකාට බලපාන බැවින් ද ඒවා දෙස වෙන වෙනම නොබැලිය යුතු බව සත්කුනනාදන් මහත්මිය පැවසුවාය.
සම්පත් වෙන් කිරීමට රාජ්‍යයට ඇති අයිතියට විනිසුරුවරුන් මැදිහත් වීමෙන් අදහස් වන්නේ පාර්ලිමේන්තුවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවට සම්මුඛ පරීක්ෂකගේ ප්‍රකාශය බැහැර කළ සත්කුනනාදන් මහත්මිය විනිසුරුවරුන් නීතිය අර්ථකථනය කරන බව පෙන්වා දුන්නාය.
“නෛතික සම්මතයන් අර්ථකථනය කිරීම ඔවුන්ගේ යුතුකමයි ” යනුවෙන් සත්කුනනාදන් මහත්මිය ප්‍රකාශ කළේ, විනිසුරුවන් සමාජ-ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීතිමය සම්මතයන් අර්ථකථනය කරන බවයි. ප්‍රමාණවත් නීතිමය ප්‍රතිකර්ම අවශ්‍ය වන අයිතිවාසිකම් අහිමි වූ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මීට සමාන නීති පැනවීම සඳහා තෙරපුමක් සත්කුනනාදන් මහත්මිය විසින් ලබා දෙන ලදී.
මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයා පැවසුවේ සමාජ ආර්ථික අයිතීන් ක්‍රමානුකූලව සාක්ෂාත් කරගත යුතු බවයි. සමාජ-ආර්ථික ගැටළු විසඳීම සඳහා පවතින උපරිම සම්පත් සැපයීමේ ප්‍රධාන වැදගත්කම අවධාරනය කරමින් සත්කුනනාදන් මහත්මිය සමාජ-ආර්ථික අයිතිවාසිකම් ප්‍රගතිශීලී ලෙස සාක්ෂාත් කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ මහජන අවශ්‍යතා වහා සැපයීම නොවන බවයි. නිවාස හෝ වෙනත් ඕනෑම සමාජ ආර්ථික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට ව්‍යවස්ථාපිත ක්‍රම මගින් අධිකරණයට අයිතිය ලැබීම සඳහා සුදුසුම තත්ත්වය වනු ඇතැයි එම නිලධාරියා පැවසීය. නාස්තිය, දූෂණය සහ අක්‍රමිකතා නිසා එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අරගල කරන අයට මූලික පහසුකම් පවා ලබාදීමට අවශ්‍ය මුදල් රාජ්‍යයට අහිමි වී ඇති බව මානව හිමිකම් කොමිසම පිළිගන්නේ දැයි විමසූ විට සත්කුනනාදන් මහත්මිය පවතින සම්පත් වලින් වගකිවයුතු ප්‍රතිපාදන ලෙස හැඳින්වූ දේ සහතික කිරීමට අධිකරණයට මැදිහත් විය හැකි තත්ත්වයන් පැහැදිලි කළාය.. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමාජ-ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධ යෝජනා ඇතුළත් කර තිබුණේ නම්, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති අරමුදල් වෙනත් ව්‍යාපෘතියක් සමඟ සංසන්දනය කර තීන්දු කිරීමට අධිකරණයට හැකි බව සත්කුනනාදන් මහත්මිය පැහැදිලි කළාය.
යුද්ධයේදී නිවාස අහිමි වූවන්ට ස්ථිර නිවාස ලබාදීමේ ප්‍රමාදය පිළිබඳව TV1 ප්‍රශ්නයකට පිළිතුරු දුන් සත්කුනනාදන් මහත්මිය පැවසුවේ ඔවුන්ගේ අවශ්‍යතා මූලික සමාජ ආර්ථික අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේප වූ ජනතාවගේ අවශ්‍යතා සමඟ සැසඳිය නොහැකි බවයි. 2009 මැයි මාසයේදී ගැටුම අවසන් වූ බව සඳහන් කරමින් යුද්ධයෙන් විනාශයට පත් වූ ස්ථිර නිවාස හැකි ඉක්මනින් ලබා දීමේ අවශ්‍යතාවය නිලධාරියා අවධාරණය කළේය. ගැටුම හේතුවෙන් ඔවුන් අවතැන් වූ අවස්ථාවේ ඔවුන්ට ප්‍රමාණවත් වන්දි ලබා දීමටත් ඔවුන්ගේ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමටත් සිදු වූ බව එම නිලධාරියා පැවසීය.
පවතින සම්පත් වගකීමෙන් වෙන් කිරීම සහතික කිරීම සඳහා රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති සම්පාදනය අධිකරණ සමාලෝචනයකට භාජනය කළ යුතු බව ඇය අවධාරණය කළාය. මානව හිමිකම් කොමිසමේ නිලධාරියා කියා සිටියේ සම්පත් නොමැතිකම මත ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි නොකළ යුතු බවයි.
සමාජ ආර්ථික අයිතිවාසිකම් සම්බන්ධයෙන් විනිසුරුවරුන් නීතිය අර්ථකථනය කිරීමට විරුද්ධ වූවන් වෙනත් විවිධ නීතිමය සම්මතයන් දැන් සමාලෝචනය කර ඇති බව පහසුවෙන් නොසලකා හැර ඇති බව සත්කුනනාදන් මහත්මිය පැවසුවාය. සමාජ-ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් තීන්දු දෙන විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හෑල්ලුවට ලක් කළ හැකි බවට කිසිදු පදනමක් නොමැති බව එම නිලධාරියා පැවසීය.
රට තුළ පවතින මතභේදයට තුඩු දී ඇති ඉඩම් නොමැති පුද්ගලයින්ගේ ප්‍රශ්නය සහ දේපළ නොමැති අයට සහන සැලසීමට නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම පිළිබඳව ද මානව හිමිකම් කොමසාරිස්වරයා සාකච්ඡා කළේය. පසුගිය වසරේ සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් විපතට පත් වූවන්ගේ දුක්ගැනවිලි විසඳීමට ආයතනය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයා පැහැදිලි කළේය. අදාළ බලධාරීන්ට නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසු, මානව හිමිකම් කොමිෂන් සභාව වර්ධනයන් නිරීක්ෂණය කරමින් සිටින බව ඇය පැවසුවාය.
ලාල් විජේනායක කමිටුව විසින් ඉදිරිපත් කරන ලද දූරදර්ශී නිර්දේශයන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඉඩ සැලසෙනු ඇති බවට සත්කුනනාදන් මහත්මිය විශ්වාසය පළ කළාය.
ප්‍රකාශක-http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=1669