(සිංහල) මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/25/04/23
2022 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාග පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබුනු පැමිණිලි සහ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන ස්වයං මැදිහත්වවීමෙන් මෙම ගැටළුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එම පැමිණිල්ලට අනුව මෙම පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ නොවීම මත මෙම ප්‍රමාදය සිදුව ඇත. ඒ අනුව මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින (2023.04.25) විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති මහාචාර්ය ඩී.එම්.එච්.එස්.කේ. බන්නැහැක මහතා ද සහභාගී විය.
භාගත කිරීම: HRCSL Press Notice 25042023