මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/21/04/23
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස 2022.07.09 වන දින ගිනි තැබීම සිදුවන අවස්ථාවේදී ප්‍රමාණවත් ආරක්ෂාවක් ආරක්ෂක අංශ විසින් සැපයූවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වන පරීක්ෂණය සඳහා අද දින ද පාර්ශවයන් කැඳවන ලදී. මෙම පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව යන පාර්ශවයන් කැඳවා තිබිණි.
භාගත කිරීම: HRCSL Press Notice 21.04.2023