මාධ්‍ය නිවේදන අංක: HRC/P/i/S/19/05/23
සිවිල් වැසියන් විසින් කරනු ලබන උද්ඝෝෂණ සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටීන් පිළිබඳ නිර්දේශිත මාර්ගෝපදේශන” ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2023 මැයි මස 12 වන දින එළිදක්වන ලදී. මෙම නිර්දේශිත මාර්ගෝපදේශන වසරක පමණ කාලයක් ගත කරමින් සිවිල් සංවිධාන ක්‍රියාධරයින්, නීති විශාරදයින්, නීතිය බලාත්මක කරනු ලබන නිලධාරීන්ගේ අදහස් ද විමසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කරන ලද්දකි.
2023 මැයි මස 19 වන දින මෙම මාර්ගොපදේශන පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සියළු ප්‍රාදේශීය කාර්යාල සහ උප කාර්යාලවල සම්බන්ධීකරණ නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්කර දැනුවත් කිරීම සිදුකරන ලදී.
භාගත කිරීම : HRCSL Press Notice 19052023