ප්‍රලේඛන මථ්‍යස්ථානය

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මානව හිමිකම් ක්ෂේත්‍රයට අදාළ විවිධ ප්‍රකාශන වලින් සමන්විත පුස්තකාලයක් පවත්වාගෙන යනු ලැබේ.

පුස්තකාලය මගින් සපයන සේවාවන්

A) පුස්තකාලය සතුව පවත්නා ග්‍රන්ථ එකතුව.

  • මානව හිමිකම් විෂය ක්ෂේත්‍රයට අදාළ පොත් හා ප්‍රකාශන එකතුව
  • රජයේ ප්‍රකාශන
    • පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා
    • ගැසට් පත්‍රය
    • පාර්ලිමේන්තු කෙටුම්පත්
  • ශ්‍රී ලංකා නීති වාර්තා එකතුව
  • ශ්‍රී ලංකා පනත් එකතුව
  • ‍රේෂ්ඨාධිකරණයේ වාර්තා නොවූ නඩු තීන්දු
  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ප්‍රකාශිත වාර්තා
    • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
    • විශේෂ වාර්තා
    • දත්ත රැස් කිරීමේ වාර්තා
    • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ලබා දෙන නිර්දේශ
  • මානව හිමිකම් විෂය ක්ෂේත්‍රයට අදාළ ශ්‍රව්‍ය දෘෂ්‍ය එකතුව
  • පුවත්පත් ලිපි කැපුම් එකතුව

B) මානව හිමිකම් විෂයට අදාළව තොරතුරු, තොරතුරු අවශ්‍යතා මත තැපෑලෙන් හා විද්‍යුත් තැපෑලෙන් සැපයීම.

C) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශන හා පත්‍රිකා බෙදා හැරීම.

D) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය සඳහා පොත් බැහැර දීමේ සේවාවක් පවත්වාගෙන යාම.

E) මානව හිමිකම් විෂය ක්ෂේත්‍රයට අදාළව අධ්‍යයන කටයුතුවල නිරත වන්නන්ට විමර්ශන සේවාවක් පවත්වාගෙන යාම, අවශ්‍ය ලේඛනවල ඡායා පිටපත් ලබා ගැනීමට හැක.

අප පුස්තකාලය සතියේ දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා විවෘතව පවතී.

ඔබට වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා

ප්‍රලේඛන නිලධාරී

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
අංක 108,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.


දුරකථන:+9411-2694925 (Ex-231)
ෆැක්ස්: +9411-2694924
විද්‍යුත් තැපෑල – Info@hrcsl.lk