එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරැකීමට කැපවී කටයුතු කිරීම ශක්තිමත් කිරීමත් ජාත්‍යන්තර ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට පවරා ඇති රාජකාරී හා පොරොන්දු ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාවට නැංවීමත් 1996දී ශ්‍රී ලංකා රජය විසින් ප්‍රංශ මූලධර්ම යටතේ සකස්කරන ලද තත්ත්වයන් පවත්වා ගැනීමත්ය.
1996 අංක 21 දරණ පනත මගින් මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරිණි.
රටේ මානව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවකි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) ස්ථාපනය කිරීමට පෙර, නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබාගැනීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්ය බලකාය (HRTF) සහ වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ වෙනස්කම් කිරීම නැවත්වීමේ හා නිරීෂණය කිරීමේ කොමිෂන් සභාව (CEDMHR) ලෙස හදිසි නීතිය යටතේ වෙනස් ආයතන දෙකක් පිහිටුවන ලදී.



