| අභ්‍යන්තර අවතැන් වූවන් සඳහා වන ජාතික රැකවරණය හා කල්පවත්නා විසඳුම් පිළිබඳ ව්‍යාපෘතිය | |
|---|---|
![]() |
අවි ආයුධ වලින් සමන්විත වූ විසි වසරක් පුරා තිබූ ගැටුම, ඔවුන්ගේ සුපුරුදු නවාතැන්වලින් ඔවුන් අවතැන් කර, මානව හිමිකම් උල්ලංඝනයක් දක්වා මෙහෙයවීය.1997 සිට අභ්‍යන්තරික වශයෙන් අවතැන් වූ පුද්ගලයන්ගෙන්, මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ පැමිණිලි ලැබිණි. කොමිසම මෙම අනතුරට භාජනය විය හැකි කණ්ඩායමට මූලිකත්වය ලබා දුන් අතර, ඔවුන්ගේ ගැටළු පිළිබඳ කතා කිරීම සඳහා 2002 වසරේදී ව්‍යාපෘතිය ස්ථාපිත කරන ලදී. මෙම ව්‍යාපෘතිය විවිධත්වයෙන් යුතු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා, අභ්‍යන්තර වශයෙන්අවතැන් වූවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට. |
| ව්‍යාපෘති කාර්යාලය
අභ්‍යන්තර අවතැන් වූවන් සඳහා වන ජාතික රැකවරණය හා කල්පවත්නා විසඳුම් පිළිබඳ ව්‍යාපෘතිය ලිපිනය: අංක 65/1, මුත්තය්යා පිල්ලේ මාවත,වෝඩ් පෙදෙස, කොළඹ 07. දුරකථන: 011 2662587, 2688145 ෆැක්ස්: 0112688145 ව්ද්‍යුත් තැපෑල: idpc@sltnet.lk වෙබ්: www.Idpsrilanka.lk |
|
| තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.idpsrilanka.lk | |
මානව හිමිකම් ඒකාබද්ධ වැඩසටහන – UNDPමෙම ව්‍යාපෘතිය මානව හිමිකම් කොමිෂන් සභාවේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා කටයුතු කරනු ලබයි. එමෙන්ම මෙමගින් සිවිල් සමාජ හා ප්‍රාදේශීය සම්බන්ධීකාරක රැස්වීම් පැවැත්වීමට පහසුකම් සපයයි. තවද මානව හිමිකම් කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රවර්ධන සහයෝගය ලබා දෙයි. |
|
|
ව්‍යාපෘති කාර්යාලය මානව හිමිකම් ඒකාබද්ධ වැඩසටහන – UNDP දුරකථන: 0115013245 ෆැක්ස්: 0115023495 ව්ද්‍යුත් තැපෑල: unhrhrc.npc@gmail.com |
|
ළමා අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ වාර්තා කිරීමට හා ප්‍රතිචාර දැක්වීමට ප්‍රජාව අතර ආත්ම ශක්තිය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය ‘ – UNICEFමඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් පීඩාවට පත් වූ පවුල්වල දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය හා නීතිමය හෝ සමාජීය සේවාවලට අදාළව ව්‍යවස්ථාපිත හා විසඳුම් ලබාදෙන ආයතන සමග ගනුදෙනු කිරීමට හා වාර්තා කිරීමට ඇති හැකියාවන් ඉහළ නැංවීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රැස්වීම් මාලාවක් හා සමාජීය මට්ටමින් ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබුවේ මඩකලපුව ප්‍රාදේශීය කාර්යාලය සමග එක්ව අධ්‍යාපන හා විශේෂ වැඩසටහන් අංශය විසිනි. |
|



